මැතිවරණ කාල සීමාව සහ ඉදිරි දින කිහිපයේ දුම්රිය ධාවනය සිදු වෙන්නේ මෙහෙමයි.
By Wayomi
මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා සඳහන් කරනවා.
ඒ, අනුව 22 වන ඉරිදා දුරගමන් සේවා දුම්රියන් ක්‍රියාත්මක වන බවත් කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බවත් ඔහු පවසා තිබෙනවා.
එමෙන්ම මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඔන්න අද මාධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම වැටෙන තහනම ගැන දැනුම් දීමක්. - හැබැයි මේ අයට හෙට දවල් 12 වෙනතුරු කල් තියෙනවා.
ඒ පිළිබඳ විස්තර පහතින්,

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන්ගේ දෙමව්පියන් විභාග දෙපාර්තමේන්තුව වටලයි. - කැරලි මර්දනයත් කැඳවයි. (VIDEO)
