මේ බස්වල යන අයට ලොකු වාසියක්
දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට එය ඉදිරිපත් කර ශ්‍රී ලංගම බස් රථවල ගමන් කිරීමට අවස්ථාව ලැබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ප්‍රකාශ කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි බව සඳහන්.
මේ සම්බන්ධයෙන් බස්රථ සේවකයින් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර දිවයිනේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන් බොහෝමයකටද බාධා එල්ල වී ඇත.
එම කටයුතු නැවත පෙර පරිදී සකසන තුරු ගමනාගමනයට බස් රථ යොදවා ඇති බවට මීට පෙර දුම්රිය දෙපාර්තුමේන්තුව මඟින් දැනුවත් කිරීමක් කර තිබුණා.