කෝච්චිය පාර මැද නවත්වා රියදුරු කෑම ගේන්න ගිහින්. - ඇත්තටම වෙලා තියෙන්නේ මේ දේ. - (VIDEO)
By Wayomi
පුත්තලම - කොළඹ මාර්ගය හරහා දුම්රියක් නවතා එහි රියසහායකවරයෙකු අසළ පිහිටි වෙළෙදසැලකින් ආහාර ලබා ගන්නා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබෙනවා.
නමුත් එමඟින් ජනතාව අතර වැරදි මතයක් ගොඩනැගෙන අතර මෙහි සත්‍ය සිදුවීම නම්, අදාළ දුම්රිය නවතා තිබෙන්නේ වයික්කාල දුම්රිය ස්ථානයේ බව තහවුරු වී ඇත.
වයික්කාල දුම්රිය ස්ථානය කුඩාවීම හේතුවීම සහ එම අවස්ථාවේ නවත්වනු ලබන මගී දුම්රිය වැඩි දිගකින් යුක්තවීම හේතුවෙන් එහි එංජිම කොටස පුත්තලම - කොළඹ මාර්ගය මැදට වන්නට නවත්වනු ලබයි.
ඒ, අනුව් එම අවස්ථාවේ රියසහයක විසින් දුම්රිය එංජිමෙන් බැස ගොස් අසළ වෙළෙදසැළකින් කෑම පාර්සලයක් මිලදී ගෙන යළි නැවත දුම්රිය එංජිමට ඇතුළු වෙනවාත් සමගම, යළි දුම්රිය ධාවනයවීමට ආරම්භවීමට පටන් ගන්නා ආකාරය අදාළ වීඩියෝවෙන් දැකගත හැකියි.