කොළඹ කොටුවෙන් දුම්රියට නගින මගීන්ට විශේෂ දැනුම්දීමක්
අද (07) දින පස්වරු 4.50ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.45ට රඹුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එක් මැදිරියක් පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වී ඇත.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකාව වෙත ළඟා වන අවස්ථාවේදී මෙම පීලි පැනීම සිදුව ඇති බවයි.
මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා හතරක් අවහිර වී තිබෙන බව සඳහන්.
එසේම දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත්තේ කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය ගමන්වාර රැසක ප්‍රමාදයන් ඇතිවිය හැකි බවයි.