කැබ් රථයක් පාලමකින් පහළට පෙරළී දරුණු අනතුරක්
මොනරාගල - පොතුවිල් ප්රධාන මාර්ගයේ, මොනරාගල නගරය ආසන්නයේදී කැබ් රථයක් පාලමකින් පහළට පෙරලීමෙන් අනතුරක් සිදු ව ඇත.
එම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව වාර්තා වේ මෙම අනතුරින් කැබ් රථයට, පාලමට සහ මොනරාගල නගරයට ජලය ගෙන එන ප්රධාන ජල නල පද්ධතියට දැඩිව අලාභ හානි සිදු වී ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් මොනරාගල පොලිසීය ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.