තරුණයෙක්ට දිවි අහිමි කළ මාරක අනතුර

Report

කොළඹ - මහනුවර මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

එම අනතුරින්, යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා ඇති අතර යතුරුපැදිකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

 ඒ වගේම පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වී තිබේ.

 මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වූ දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දංඕවිට පොලිසිය විසින් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබයි.  

මුළු රටේම ආන්දෝලනයට තුඩදුන් අකුරේගොඩ ඝාතනයට ඇල්ලූ වෙඩික්කරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

මුළු රටේම ආන්දෝලනයට තුඩදුන් අකුරේගොඩ ඝාතනයට ඇල්ලූ වෙඩික්කරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

ශ්‍රී ලංකා - එංගලන්ත තරගය අද

ශ්‍රී ලංකා - එංගලන්ත තරගය අද