පියාට නින්ද ගිය අතරේ කිරි කැටියා බිමට වැටී මරුට

Report

සිඟිත්තිය හඬා වැටෙන්නට වීම නිසා අතට ගෙන ඇවිදිමින් නලවමින් සිටියදී පියාට එකවරම නින්ද යාම හේතුවෙන් දරුවා බිමට වැටී හිස සිමෙන්ති පොළොවේ ගැටීමෙන් මිය ගොස් තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අළුබෝමුල්ල පදිංචිව සිටි රුසේලි කෙයාශා නම් මාස 2 -1/2 ක් වයසැති සිඟිත්තියක බව පොලීසිය සදහන් කර තිබේ තවද මෙම සිගිති දියණියගේ මරණයට දරුවාගේ පියා අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ වගේම එම මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකර මරණ පරීක්ෂකවරිය විසින්ම බිළිඳීයගේ මව හා පියා එතුමිය හමුවට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර ඇත.

දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්

දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්

පොලීසිය සදහන් කළේ මව හා පියා මරණ පරීක්ෂකවරියට ඉදිරිපත් කළ අවස්ථාවේදී දැරියගේ මව හා පියා මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත් දරුවාට කිසිදු අනතුරක් සිදු නොකළ බවත් එම අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙන බවයි.

ඒ වගේම පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී පි. ඒ. කිරි ඇල්ල මහතා විසින් සිදුකිරීමෙන් අනතුරුව මරණයට හේතුව ලෙස හිසෙහි දකුණු පස තැලීමක් ඇතිවීම හේතුවෙන් මොළයට රුධිරය වාහනය වී ලේ කැටියක් හිරවීම නිසා සිදුවූ මරණයක් බවට වාර්තාව ලබා දී ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැතිනම් සජිත්, ගම්මන්පිල වගේ ගොං වර්ග වැඩිවෙයි - ඇමති නලින්ද

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැතිනම් සජිත්, ගම්මන්පිල වගේ ගොං වර්ග වැඩිවෙයි - ඇමති නලින්ද

නමුත් අවසානයේ සත්‍ය තොරතුර වසන් කළ බවට දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.