දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්

Report

බෙම්මුල්ල ඇල්ලේඔය, මීගහමුල්ල නාන තොටුපලේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත.

මෙලෙස අතුරුදන් වූ පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වූ අයෙකි.

මෙම පුද්ගලයා ඊයේ (18) සිය බිරිඳ සමඟ ඥාති නිවසකට ගොස් තිබේ.

  තවද පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එහිදී ඇල්ලේඔය, මීගහමුල්ල නාන තොටුපලේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී ඇති බවයි .

මෙම අතුරුදන් වූ පුද්ගලයා සොයා, බෙම්මුල්ල පොලිසිය විසින් නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගෙන්වා සෝදිසි මෙහෙයුම්   ආරම්භ කර ඇති බව වාර්තා වේ .

වතු කම්කරුවන්ට සුබ ආරංචියක් - හීන දැකපු පඩිය ඉහළට..

වතු කම්කරුවන්ට සුබ ආරංචියක් - හීන දැකපු පඩිය ඉහළට..