අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැතිනම් සජිත්, ගම්මන්පිල වගේ ගොං වර්ග වැඩිවෙයි - ඇමති නලින්ද

Report

රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරි ආකාරව සිදුනොකළහොත් අනාගතයේදී සජිත් ප්‍රේමදාස, උදය ගම්මන්පිල වැනි අය වැඩිපුර දැක ගැනීමට හැකිවනු ඇති බව අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ.

ඇමති නලින්ද ජයතිස්ස   මහතා  මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි

ඒ වගේම ඔහු තවදුරටත් සදහන් කරන්නේ එම ප්‍රතිසංස්කරණ නිවැරදිව සිදුකළහොත් 21 වන සියවසට ඔබින අභිමානවත් පුරවැසියන් නිර්මාණය වනු ඇති බවයි

 තවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුනොකර සජිත් ගම්මන්පිල වැනි අය වැඩිපුර බිහිකරගන්නේද ඒවා සිදුකර නව ලෝකයට ගැළපෙන පරම්පරාවක් නිර්මාණය කරගන්නේ ද යන්න ජනතාව තීරණය කළ යුතු බව නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ.  

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නෑ - ඇමති කියයි

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නෑ - ඇමති කියයි