ගැසට්ටුවෙන් බස්, ලොරි, වෑන් හා ඩබල් කැබ් පමණයි. -Toyota Lanka ඩබල් කැබ් පෙර ඇණැවුම් බාරගනී.

Report

වාහන ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික සීමා ඉවත් කරමින් ඊයේ නිකුත් කළ ගැසට් පත්‍රය අදාළ වන්නේ වාහන කාණ්ඩ හතරකට පමණක් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආසන 25 ට වැඩි බස්රථ, ආසන 10 සිට 16 දක්වා මගී ප්‍රවාහන වෑන්රථ, ඩබල් කැබ්රථ, සහ ලොරි රථ ආනයනය කිරීමට ගැසට් පත්‍රය මඟින් අවසර ලබා දී ඇති බව සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ.

නමුත් මෙම වාහන ආනයනය කිරීමේ තීරුබදු ව්‍යුහයන් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බවත්, පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමේදී මෙම ගැසට් පත්‍රය අදාළ නොවන බවත් ඊට අදාල නිවේදනය නුදුරේදීම නිකුත් කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අද සිට වසර 03ක් පැරණි පෞද්ගලික මෝටර් රථ ගෙන්වයි. - දින 90ක් ඇතුළත ඒවා අලෙවි නොකළහොත් සිදු වන දේ මෙන්න.(සම්පූර්ණ විස්තරය)

අද සිට වසර 03ක් පැරණි පෞද්ගලික මෝටර් රථ ගෙන්වයි. - දින 90ක් ඇතුළත ඒවා අලෙවි නොකළහොත් සිදු වන දේ මෙන්න.(සම්පූර්ණ විස්තරය)

මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ රජය සතුව ඇති විදේශ විනිමය සංචිත සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකට ලක් කර ලක් කරමින් පුද්ගලික වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවයි.

එමෙන්ම වාහන ආනයනය ක්‍රමානුකූලව සිදු කරන බවත් ඊට අදාළ ගැසට් නිවේදන හා බදු ව්‍යුහයන් අවශ්‍ය අවස්ථාවල ප්‍රකාශයට පත් කරනු ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ අතර මෙරට පිහිටි ටොයොටා ලංකා සමාගම ඩබල් කැබ් සදහා පෙර ඇණුම් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. 

සුබ ආරංචියක්. - මේ වසරේ සිට තවත් ණය යෝජනා ක්‍රමයකට කැබිනට් අනුමැතිය. - එය ලැබෙන්නේ මෙහෙමයි.

සුබ ආරංචියක්. - මේ වසරේ සිට තවත් ණය යෝජනා ක්‍රමයකට කැබිනට් අනුමැතිය. - එය ලැබෙන්නේ මෙහෙමයි.


You May Like This Video

 

Gallery