සුබ ආරංචියක්. - මේ වසරේ සිට තවත් ණය යෝජනා ක්‍රමයකට කැබිනට් අනුමැතිය. - එය ලැබෙන්නේ මෙහෙමයි.
"සරුසාර" නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කෙටිකාලීන භෝග සහ ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිණිස ''සරුසාර'' නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇති අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2020 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කර ඇත.
මෑතකදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහ බැංකු නව පනතේ විධිවිධාන පරිදි එවැනි සහනදායි ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට හැකියාවක් නොමැත.
එබැවින්, 2025 වර්ෂයේ සිට "සරුසාර" නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය වාර්ෂික වැඩසටහනක් ලෙස මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
රාජ්‍ය සේවක වැටුප මසකට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමක්.? - IMF අනුව හැදෙන මෙවර අයවැයෙන් විශ්‍රාමික පඩියට කරන දේ මෙන්න.
අද සිට වසර 03ක් පැරණි පෞද්ගලික මෝටර් රථ ගෙන්වයි. - දින 90ක් ඇතුළත ඒවා අලෙවි නොකළහොත් සිදු වන දේ මෙන්න.(සම්පූර්ණ විස්තරය)
You May Like This Video