බිලියන 60ක කැබ් ටෙන්ඩරය ටොයෝටා සමාගමට දීම අන්ත දූෂිත ඩීල් එකක් ඊට හොඳයි ටෙන්ඩරයක් නොදැම්මා නම් - චානක

Report

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා බිලියන 60ක කැප් රථ ටෙන්ඩරය අන්ත දූෂිත ටෙන්ඩරයක් බවත්, කෙලින්ම ඩීල් එකක් බවත් ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර ටෙන්ඩරයක් වෙනුවෙන් දින 42ක් ගතවිය යුතු වුවද, මෙම ටෙන්ඩරය දින 12ක් දක්වා අඩු කර තිබෙන බවත් රුපියල් ලක්ෂ 10ක ටෙන්ඩරයකට වුවද පූර්ව-ලංසු රැස්වීමක් තිබුණද, බිලියන 60ක මෙම ටෙන්ඩරය සඳහා එවැන්නක් නොතිබූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කරයි.

එසේම ඔහු අඳාළ ටෙන්ඩරය සකස් කර ඇත්තේ ලංකාවේ එක් සමාගමකට පමණක් ලංසු තැබීමට හැකි වන ආකාරයට බව ද පැවසුවා.

පිරිවිතරයන්ට අනුව, එන්ජින් ධාරිතාව (CC) 2500ත් 3000ත් අතර විය යුතු අතර, රට වටා කොළඹට අමතරව තවත් සේවා ස්ථාන තුනක් හෝ පහක් තිබිය යුතු වේ.

ලංකාවේ සමාගම් පහක් සහ ජාත්‍යන්තර සමාගම් පහක් ටෙන්ඩරය වෙනුවෙන් ඉදිරිපත් වූ අතර, ටොයෝටා හැර අන් සියල්ලන්ම ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන්.

ආන්දෝලනයට තුඩු දුන් නාමල්ගේ නීති උපාධිය ගැන තොරතුරු ගේන්න ලන්ඩන් ගිය රහස් පොලිසියට ඇරයුම්

ආන්දෝලනයට තුඩු දුන් නාමල්ගේ නීති උපාධිය ගැන තොරතුරු ගේන්න ලන්ඩන් ගිය රහස් පොලිසියට ඇරයුම්

එසේම ප්‍රතික්ෂේප වූ සමාගම්වලට 2500cc–3000cc පරාසයේ එන්ජින් ධාරිතාවක් නොතිබීම හෝ අවශ්‍ය සේවා ස්ථාන පහ නොතිබීම ඊට හේතු වූ බව වාර්තා වේ.

මේ අතර ඔහු සඳහන් කළේ ලංකාවේ සේවා ස්ථාන පහක් ඇත්තේ අවුරුදු 10ක් පමණ පැරණි ටොයෝටා සමාගමට පමණක් බවයි.

එමෙන්ම කැබ් රථ මිලදී ගැනීමට එතරම් හදිසි වූයේ ඇයිදැයි යනුවෙන්ද චානක මහතා ප්‍රශ්න කර ඇත.

ඊට අමතරව ඔහු කියා සිටියේ මෙම තත්ත්වය අනුව ටෙන්ඩරයක් නොදමා කෙලින්ම ටොයෝටා සමාගමට රථ ලබා දුන්නේ නම් හොඳ බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින්.

දයාසිරි ජයසේකර ලෝක අමාරුවක - විමර්ශන ඇරඹේ

දයාසිරි ජයසේකර ලෝක අමාරුවක - විමර්ශන ඇරඹේ

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න