සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් අනතුරට - ගමන් කෙරූ සියලුම දෙනා මරුට
පේරු රාජ්‍යයේ සංචාරකයින් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි පුද්ගලයින් 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පේරු නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සෙස්නා සී-208 (Cessna C-208) වර්ගයේ යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. ප්‍රකට නස්කා රේඛා පුරාවිද්‍යා භූමියට ඉහළින් පියාසර කරමින් තිබියදී මෙම යානය කඩා වැටී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 11 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු සිට තිබේ.
කෙසේ වෙතත්, ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වේ.