රටට සුබ ආරංචියක් - මාස 9කින් සංචාරක ආදායම ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

Report

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,245.2ක ආදායමක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව, මෙම වසරේ මුල් මාස නවය තුළ වාර්තා වූ සංචාරක ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව අඩු වී තිබේ.

2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා තිබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,472.9කි.

ඒ අනුව, මෙම වසරේ අදාළ කාලසීමාවේ ආදායම ඩොලර් මිලියන 227.7කින් අඩු වී ඇත.

දිස්ත්‍රික්ක 20කට අයහපත් කාලගුණයේ දැවැන්ත ප්‍රහාරයක් - නිවාස 1,400කට වැඩි ප්‍රමාණයකට හානි DMC අලුත්ම තොරතුරු මෙන්න

දිස්ත්‍රික්ක 20කට අයහපත් කාලගුණයේ දැවැන්ත ප්‍රහාරයක් - නිවාස 1,400කට වැඩි ප්‍රමාණයකට හානි DMC අලුත්ම තොරතුරු මෙන්න

කෙසේ වෙතත්, මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සංචාරක ආදායම පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

2026 සැප්තැම්බර් මාසයේදී සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 185.6ක ආදායමක් උපයා ඇති අතර, 2025 සැප්තැම්බර් මාසයේදී එම ආදායම ඩොලර් මිලියන 182.9ක් ලෙස වාර්තා වී තිබුණි.

මේ අතර, මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ විදේශීය සංචාරකයන් 1,693,679 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

එම සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම රටේ විදේශ විනිමය ඉපැයීම් සඳහා වැදගත් දායකත්වයක් සපයා ඇත.

කාවන්තිස්සට වෙඩි තිබ්බේ මොහුද? පොලිසියේ විශේෂ මෙහෙයුමෙන් අයෙක් අත්අඩංගුවට

කාවන්තිස්සට වෙඩි තිබ්බේ මොහුද? පොලිසියේ විශේෂ මෙහෙයුමෙන් අයෙක් අත්අඩංගුවට