දිස්ත්‍රික්ක 20කට අයහපත් කාලගුණයේ දැවැන්ත ප්‍රහාරයක් - නිවාස 1,400කට වැඩි ප්‍රමාණයකට හානි DMC අලුත්ම තොරතුරු මෙන්න

By Kanchana Oct 19, 2026 03:43 AM GMT
Report

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුද්ගලයින් 8000ක ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කර ඇත ඒ අනුව සැප්තැම්බර් 19 වැනි දින සිට අද (19) දින දක්වා පවුල් 2,106කට අයත් පුද්ගලයින් 7,651ක් ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සදහන් කර තිබේ .

මෙම කාලය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 20කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 183ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් පුද්ගල මරණ 8ක් සහ තුවාල ලැබූවන් 12ක්ද වාර්තා වී ඇති බවත් පෙන්වා දී ඇති එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ එක් අයෙකු අතුරුදන්ව ඇතැයිද වාර්තා වී ඇති බවයි

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 26ක් වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 1,390ක්ද වාර්තා වී ඇත ඒ හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 02ක් තුළ පවුල් 13කට අයත් පුද්ගලයින් 46ක් සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයෙන් ප්‍රකාශ කරයි .

මේ අතර ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හමුවේ පවුල් 41,725කට අයත් පුද්ගලයින් 137,953ක් පීඩාවට පත්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, යාපනය, මන්නාරම, මාතලේ, මොනරාගල, මුලතිව්, පොළොන්නරුව, වව්නියාව වන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක මෙම පිරිස වාර්තා වී තිබේ.

 මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක පවුල් 32,688කට අයත් පුද්ගලයින් 110,174කට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ. 

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

සජිත අනුත්තරගේ ලස්සනම හීනයක් හැබෑ වෙයි - බිරිඳත් එක්ක ගත්තු සුපිරි තීරණය මෙන්න

සජිත අනුත්තරගේ ලස්සනම හීනයක් හැබෑ වෙයි - බිරිඳත් එක්ක ගත්තු සුපිරි තීරණය මෙන්න