කාවන්තිස්සට වෙඩි තිබ්බේ මොහුද? පොලිසියේ විශේෂ මෙහෙයුමෙන් අයෙක් අත්අඩංගුවට

Report

පරිසර අමාත්‍යාංශය පවසන්නේ කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පොලීසිය පවසන්නේ සැකකරු ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියෙකු බවයි.

මෙම සැකකරු අත්තඩංගුවට ගෙන ඇත්තේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දියත් කළ විශේෂ මෙහෙයුමකදීය.

කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන විමර්ශන - පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා

කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන විමර්ශන - පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා

පොලිසිය විසින් ඔහුගේ නිවසේ තිබී බොර 12 වර්ගයේ ගිනි අවියක්" "කැප් තුවක්කු" වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 24ක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ මෙම පුද්ගලයා විසින් මීට පෙර අවස්ථාවකදී "ඩයනා" නමින් හැඳින් වූ ඇතෙකුට වෙඩිතබා ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අදාළ අංශ මඟින් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක අතර, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

වනජීවී සම්පත් හා ජාතික උරුමයන් විනාශ කරන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍යංශය පවසයි.