ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන ආරක්ෂක අමාත්‍ය හා සන්නද්ධ හමුදා ප්‍රධානී ජීවිතක්ෂයට
නිල IRNA ඒජන්සිය නිවේදනය කර ඇත්තේ ඉරානයට එල්ල වූ එක්සත් ජනපද ඊශ්‍රායල් ප්‍රහාරවලින් එරට සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල් රහීම් මුසාවී සහ ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදී ජීවිතක්ෂයට පත් වූ බවයි.
ඒ අනුව ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් අබ්දොල්රහිම් මවුසාවි, ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRCG) අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් මොහොමඩ් පක්පූර්, ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ෂම්කානි සහ ඉරාන ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් නසීර්සාදී යන අය ප්‍රහාරවලින් ජීවිතක්ෂවට පත්ව ඇති බව ඉරානය නිල වශයෙන් නිවේදනය කර ඇත.