ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි
එක්සත් ජනපදය සහ සහ ඊශ්‍රායලය එක්ව කල ප්‍රහාරයෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ බව ඉරාන මාධ්‍ය තහවුරු කරයි.
ඉරාන මාධ්‍ය පවසන්නේ කමේනිගේ දියණිය, බෑණා සහ ඔහුගේ මුණුපුරා ද මිය ගිය බවයි. තස්නිම් සහ ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණය තහවුරු කරයි.
ඉරාන ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේදී ඔහුට පවරා ඇති රාජකාරි ඉටු කරමින් සිටියදී කමේනි ඔහුගේ කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවය.
මේ අතර කමේනිගේ ඝාතනය හේතුවෙන් එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.