වහාම දැනුවත් වෙන්න රජයෙන් දැනුම්දීමක් - මේ පලාත් හා දිස්ත්‍රික්ක පුරාවටම ක්‍රියාත්මකයි
බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඊට අමතරව මඩකළපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.
මේ අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං මඟින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.