රට පුරා ප්‍රදේශ රැසක ජනතාවට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්..එම ප්‍රදේශ මෙන්න. - 12/03/2025

Colombo Hambantota Sri Lanka Western Province Weather
By Zara Mar 12, 2025 12:30 AM GMT
Zara

Zara

Report

අද (12) දින උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

හිටපු හමුදා නිලධාරියෙකු විසින් වෛද්‍යවරිය අපයෝජනයට ලක් කරයි (Video)

හිටපු හමුදා නිලධාරියෙකු විසින් වෛද්‍යවරිය අපයෝජනයට ලක් කරයි (Video)

එසේම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

කොළඹ සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා ඉහළ යා හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා ඉහළ යා හැක.

කොළඹ සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

ගෑස් මිලේ වෙනසක් ගැන අනාවැකියක්

ගෑස් මිලේ වෙනසක් ගැන අනාවැකියක්

ලබන 17 කෙහෙළියගේ බැංකු ගිණුම් වලට කරන්න යන දේ මෙන්න

ලබන 17 කෙහෙළියගේ බැංකු ගිණුම් වලට කරන්න යන දේ මෙන්න

“මගේ Ex මහත්තයා හොරා… මගේ අත්සන හොරාට ගහලා ” – ප්‍රගීත් පියුමිගේ අත්සන හොරාට ගහලා

“මගේ Ex මහත්තයා හොරා… මගේ අත්සන හොරාට ගහලා ” – ප්‍රගීත් පියුමිගේ අත්සන හොරාට ගහලා

ReeCha