ලබන 17 කෙහෙළියගේ බැංකු ගිණුම් වලට කරන්න යන දේ මෙන්න

Lanka News Web Keheliya Rambukwella Sri Lanka Politician Latest Headlines
By Akash Mar 11, 2025 11:05 AM GMT
Akash

Akash

Report

අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බැංකු ගිණුම් අත්හිටුවමින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග කරනවා .

කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි සඳහන් වන්නේ .

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අරගල සමයේ තම සේවාදායකයාගේ නිවස ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු රුපියල් ලක්ෂ නවසිය පනහක වන්දි මුදල හා ඔහුගේ විශ්‍රාම වැටුප දැනට අධිකරණය මඟින් තහනමට ලක්කර තිබෙන තම සේවාදාහකයාගේ පාර්ලිමේන්තු බැංකු ගිණුමට බැර වී තිබෙන බවයි සඳහන් කර තිබෙන්නේ .

එබැවින් අදාළ බැංකු ගිණුමට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබෙනවා . එම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා නියෝග කළේ.

ReeCha