අද කාලගුණ නිවේදනය

Report

අද (09) දින රාත්‍රී කාලයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ගාල්ල මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දැක්වෙන්නේ.

එමෙන්ම උදෑසන කාලයේදී දිවයින පුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් එළඹෙන මාර්තු මස 10,11 දිනවලදී අපේක්ෂා කරන අතර, එහිදී විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇතිවිය හැකි බව වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අතර,දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු ස්වභාවයක් ගනියි.

බෑගයෙන් මතු වූ මිනිස් හිස්කබල්

බෑගයෙන් මතු වූ මිනිස් හිස්කබල්

"මම ලංකාවට ආදරෙයි" ලෝකේ වටෙන් ලංකාවට එන සංචාරකයෝ වැඩි වෙයි

"මම ලංකාවට ආදරෙයි" ලෝකේ වටෙන් ලංකාවට එන සංචාරකයෝ වැඩි වෙයි

Gallery