"මම ලංකාවට ආදරෙයි" ලෝකේ වටෙන් ලංකාවට එන සංචාරකයෝ වැඩි වෙයි
2025 වසරේ පළමු මාස 2ක තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශයේ අපේක්ෂාව වන්නේ 2025 වසර තුළ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් මිලියන 3ක ඉලක්කය සපුරා ගැනීමටයි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.
2024 වසරේදී බලාපොරොත්තු වූ පරිදි මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් මිලියන 2ක ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුණි.
එම ක්ෂේත්‍රයේ තවදුරටත් සුබවාදී අපේක්ෂා දල්වමින් ලක්ෂ 5 ඉක්මවූ විදෙස් සංචාරකයින් පිරිසක් 2025 වසරේ පළමු මාස 2ක තුළදී මෙරටට පැමිණීම විශේෂත්වයකි.
සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2025 ජනවාරි පළමු වනදා සිට මාර්තු 5 වනදා දක්වා විදෙස් සංචාරකයින් 530,746 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවය.
ඉන් වැඩිම සංචාරකයින් වන 84,476දෙනෙකු පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වීම විශේෂයකි.
දෙවැනියට 70,000කට වැඩි සංචාරකයින් පිරිසක් රුසියාවෙන්ද , තෙවැනියට 50,000ස ඉක්මවූ සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන්ද මෙරටට පැමිණ තිබේ.
මීට අමතරව ජර්මනිය, ප්‍රංශය, චීනය ඇතුළු රටවලින්ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර මාර්තු පළමු දින 5 තුළ පමණක් පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන 37,768කි.
