අද කාලගුණ නිවේදනය- 03/14/2025

By Wayomi Mar 14, 2025 12:30 AM GMT
Report

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සුළං ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු වීමක් සිදු වන අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

එබැවින් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. 

රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් මාස 3යි

රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් මාස 3යි

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්