අද IPL අවසන් මහා තරඟය...
By Parami Dissanayake
අද (26) ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත ව ඇති අතර, ඒ, ප්‍රබල සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගයි.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය පැට් කමින්ස් විසින් දරනු ලබනු අතර, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය ශ්‍රෙයාස් අයියර් විසින් දරනු ලබනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට නියමිත ය.
එය චෙන්නායි හි එම්.ඒ. චිතදම්බරම් ක්‍රීඩාපිටියේ දී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.