සූක්ෂමව කපටි කමෙන් වැඩේ කරගන්න - අද දවස ඔබට කොහොමද කියල බලලම ඉන්න
ජුනි මස 5 වෙනි සිකුරාදා අපර භාග 7.30 ට පැවතියා වූ ග්‍රහ ගෝචරය සැළකිල්ලට ගනිමින් ධනු ලග්නයට ජ්‍යොතිෂයට අනුව නිවැරදි පලාපලයක් ඉදිරිපත් කර තිබෙනවා. එනමුත් එය සෑම ධනු ලග්න හිමියෙකුටම නොපෑහේ. එනම් මෙය පොදු පලාපලයක් නිසා. මෙහි දී ජන්මියා උපදින විට තිබූ ග්‍රහයන්ගේ ගමන, උපන් නැකත ආදී කිසිවක් නොදත් නිසා පොදු පලාපල මගින් නිරවද්‍යතාවයේ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නේ නැහැ.
මේෂ ලග්නය
ක්‍රියාකාරකම් බහුල දිනකි. අමතර ක්‍රියාකාරකම් ද යෙදේ. උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධන ලාභ ලබයි. සෙම් කෝප රෝග ද මතු කරයි.
ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
වෘෂභ ලග්නය
රැකියා ස්ථානවල මූලිකව ක්‍රියාකරයි. වගකීම් බහුල දිනකි. නවක මිතුදම් ඇතිවන අතර පොදු උත්සව සාද වැනි දේවල් යෙදේ. සතුරු බලපෑම් දමනය කළ හැකි දිනකි. ආමාශගත රෝග මතු කරයි.
ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
මිථුන ලග්නය
ක්‍රියාකාරකම් බහුල දිනකි. නව නිර්මාණ ඇරැඹීමට ශුභයි. ලිපි ලේඛනවලින් ජය ද ලබයි. යාන වාහන මිලට ගැනීමට හේතුයි. මංගල සාද උත්සව වැනි දේ යෙදෙන අතර වැයපස ද ඉහළ යයි. සිරසගත රෝග මතු කරයි.
ජය අංකය: 06
භ වර්ණය: කොළ
කටක ලග්නය
තරමක් අවිවේකී බවක් දෙයි. මංගල උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තම ඥාති මිත්‍රාදීන්ගේ සමීප භාවය ඇති කරයි. විනෝද ක්‍රියා ද යෙදෙන අතර වැයපස ද ඉහළ යයි. සිරසගත රෝග, උෂ්ණ රෝග මතු කරයි.
ජය අංකය: 05
ශුභ වර්ණය: රෝස
සිංහ ලග්නය
ක්‍රියාකාරකම් බහුල වෙයි. ගමන් බිමන්ද අධික වන අතර බලාපොරොත්තු රහිත ලෙස මිල මුදල් වැයවේ. ආගමික වතාවත් හා චාරිත්‍රවල යෙදෙන අතර අමතර ලාභ ද ගෙන දෙන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි.
ජය අංකය: 02
ශුභ වර්ණය: ළා දම්
කන්‍යා ලග්නය
ගමන් බිමන් අධිකවෙයි. ආගමික වතාවත් ගරු කරන අතර තම ඇසුරු කරන්නෝ ද දහමට යොමු කරවයි. සභාවේ දිනයි. මිතුදම් වර්ධනය වෙයි. අමතර ලාභ ලැබීම් ඇතිවන දිනකි. ආමාශගත රෝග, මූල රෝග මතුවේ.
ජය අංකය: 03
ශුභ වර්ණය: රන්වන්
තුලා ලග්නය
ක්‍රියාකාරකම් බහුල වීමෙන් කලබලකාරී වාතාවරණයක් මතු කරයි. ප්‍රීති උත්සව සාදවැනි දේවල් යෙදෙන අතර මිල මුදල් වැයවෙයි. දහමට අවතීර්ණව ක්‍රියාකරයි. සෙම් රෝග මතු කරයි.
ජය අංකය: 04
ශුභ වර්ණය: ළා රෝස
වෘශ්චික ලග්නය
තරමක් අවිවේකී දිනකි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවන අතර ආගමික පුදපූජා ආදියෙහි යෙදේ. පොදුසේවා ක්‍රියාකාරකම්වල ද යෙදෙන අතර වැයපස ඉහළයි. හන්දි ආශ්‍රිත රෝග, වාත රෝග මතුවේ.
ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
ධනු ලග්නය
ශුභවාදී ඵල දෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. විනෝද ක්‍රියා හා ගමන් යෙදේ. නව මිතුදම් ඇති කරයි. මිල මුදල් වැයවන දිනකි. පාද ආබාධ, සන්ධි රෝග සාදයි.
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
මකර ලග්නය
ශුභාශුභ ඵල දෙයි. උත්සව සැණකෙළි වැනි දේට සහභාගි වීමේ අවස්ථා යෙදේ. විනෝදජනක ක්‍රියාවල යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අමතර ලාභ ලබයි. සෙම් බහුල වී රෝග මතුවෙයි.
ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
කුම්භ ලග්නය
ගමන් බිමන් අධික වන අතර අවිවේකී දිනකි. පොදු සේවා කටයුතු, සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. නිවස උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. කොන්දේ අමාරු, වාතාධික රෝග මතුවේ.
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
මීන ලග්නය
අවිවේකී බව ගෙන දෙයි. ප්‍රීති සාද, සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. තම ඥාතීන් වෙනුවෙන් යුතුකම් ඉටු කරයි. මිල මුදල් තරමක් වැයකරන දිනකි. සිරසගත රෝග ද සාදයි.
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්
