ඇතැම් ප්‍රදේශවලට පැය 10ක ජල කප්පාදුවක්

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරන පරිදි, ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ලබන හට(23) ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ඇත.

ඒ අනුව, උදෑසන 8:30 සිට සවස 6:30 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව දැනුම් දී ඇත.

පන්දාහක් අරන් ඇඟ තලාගන්න ගිය පහලවේ සිසුවාට දෙලොව රත්වෙයි..

පන්දාහක් අරන් ඇඟ තලාගන්න ගිය පහලවේ සිසුවාට දෙලොව රත්වෙයි..

මෙම ජල කප්පාදුවෙන් පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක සීදුව නගර සභා බලප්‍රදේශ, එසේම කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට බලපෑම් එල්ල වේ.

එම ප්‍රදේශවල පාරිභෝගිකයන්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.