තීරණයක් ගන්න කලින් - අද ඔබේ ලග්නයේ රහස දැනගන්න!
ඔබේ ලග්නය අනුව අද දිනයේ වාසි, අවදානම් සහ මඟ පෙන්වීම් මෙන්න. ආදරය, වෘත්තියය, සෞඛ්‍යය සහ පවුල් ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් ලබා ගන්න.
මේෂ ලග්න
අද දින ඔබට උත්සාහයන් සාර්ථක වන දිනයකි. රැකියා කටයුතු වල ප්‍රගතියක් දක්නට ලැබේ. උසස් නිලධාරීන්ගේ ප්‍රශංසා හිමිවිය හැක. ව්‍යාපාරිකයන්ට නව ගිවිසුම් සාර්ථක වේ. සවස වෙලාවට ගෘහස්ථ ගැටළු කුඩා වශයෙන් මතු විය හැකි බැවින් ඉවසීම වැදගත්ය.
වෘෂභ ලග්න
අද දින ඔබට උත්සාහයන් සාර්ථක වන දිනයකි. රැකියා කටයුතු වල ප්‍රගතියක් දක්නට ලැබේ. උසස් නිලධාරීන්ගේ ප්‍රශංසා හිමිවිය හැක. ව්‍යාපාරිකයන්ට නව ගිවිසුම් සාර්ථක වේ. සවස වෙලාවට ගෘහස්ථ ගැටළු කුඩා වශයෙන් මතු විය හැකි බැවින් ඉවසීම වැදගත්ය.
මිථුන ලග්න
අද ඔබගේ සන්නිවේදන හැකියාව ඉහළ යයි. සාකච්ඡා, ඉදිරිපත් කිරීම් සඳහා සුදුසු දිනයකි. නව හිතවත්කම් ඇතිවිය හැක. ආදර සම්බන්ධතා ශක්තිමත් වේ. අනවශ්‍ය වචන භාවිතයෙන් ගැටළු ඇති නොකරන්න.
කටක ලග්න
ගෘහස්ථ කටයුතු වල වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවේ. දේපළ සම්බන්ධ කරුණු ඉදිරියට ගෙනයාමට හැක. මිතුරන්ගේ සහය ලැබේ. සෞඛ්‍යය පිළිබඳ ආහාර පාලනය වැදගත් වේ.
සිංහ ලග්න
නව අවස්ථා උදා වන දිනයකි. රැකියාවේ වෙනසක් හෝ අලුත් වගකීම් ලැබිය හැක. මුදල් වියදම් පාලනය කරගැනීම වැදගත්ය. ආදර ජීවිතය සතුටුදායක වේ.
කන්‍යා ලග්න
සැලසුම් කළ කටයුතු සාර්ථක කරගැනීමට හැකි වේ. අධ්‍යාපනික කටයුතු වල නියුතු අයට සුබ ප්‍රතිඵල ලැබේ. හදිසි තීරණ ගැනීමෙන් වලකින්න. සවස වෙලාවට ආරෝග්‍ය ගැන සැලකිලිමත් වන්න.
තුලා ලග්න
සමාජ ක්ෂේත්රයේ ඔබගේ ජනප්‍රියත්වය වැඩි වේ. මිතුරන් සමඟ සතුටුදායක හමුවීම් ඇතිවේ. ව්‍යාපාරිකයන්ට ලාභදායක දිනයකි. අධික වියදම් වලින් වැළකී සිටින්න.
වෘශ්චික ලග්න
කාර්යබහුල දිනයකි. රැකියා ස්ථානයේ වගකීම් වැඩි විය හැක. උත්සාහය අනුව ප්‍රතිඵල ලැබේ. පවුල් සාමාජිකයෙකුගේ සහය ලැබීමෙන් කටයුතු පහසු වේ.
ධනු ලග්න
ගමන් බිමන් සඳහා සුදුසු දිනයකි. විදේශ සම්බන්ධ කටයුතු සාර්ථක වේ. අධ්‍යාපනය හා පුහුණුව සඳහා යහපත් ප්රවණතා පෙන්වයි. ආගමික කටයුතු වල නිරත වීමෙන් මනස සන්සුන් වේ.
මකර ලග්න
මුදල් ගැටළු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. ණය ගැනීම හෝ ලබාදීම පිළිබඳ සලකා බලන්න. රැකියාවේ තීරණාත්මක අවස්ථාවක් උදා විය හැක. පවුල් සහය වැදගත් වේ.
කුම්භ ලග්න
සහයෝගී කටයුතු සඳහා සුදුසු දිනයකි. හවුල් ව්‍යාපාර වල ලාභ ලැබේ. ආදර සම්බන්ධතා තුළ පැහැදිලි සංවාද අවශ්‍ය වේ. සෞඛ්‍යය සාමාන්‍ය තත්ත්වයේ පවතී.
මීන ලග්න
අද වැඩ කටයුතු වැඩි විය හැකි අතර වෙහෙස දැනේ. කාර්යාලීය කටයුතු සාර්ථක වේ. මුදල් ලැබීම් සාමාන්‍ය වේ. විවේකය හා නිදාගැනීම ප්‍රමාණවත් කරගන්න