ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව ගැටෙන දෙවන ටෙස්ටි ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි...

Report

 ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ටි ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි.

තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 143ක් අවශ්‍ය අතර ඒ සඳහා ඔවුන්ට කඩුළු 05ක් ඉතිරිව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වත්කම් බැරකම් වහාම ලබා දෙන්නැයි දැනුම්දීමක්...

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වත්කම් බැරකම් වහාම ලබා දෙන්නැයි දැනුම්දීමක්...

ඊයේ හතරවන දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල කඩුලු‍ 5ක් දැවී ලකුණු 205ක් රැස්කරගෙන සිටියා.

කඩුල්ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා ලකුණු 39ක් බැගින් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 6වැනි කඩුල්ලට ලකුණු 83ක නොබිඳුණු සබඳතාවක් පවත්වා ගෙන යනවා.

"පුතා අයේ එන්නේ රස්සාවක් එක්කමයි" කියපු ඔහු අද සදහටම යන්න ගිහින්..

"පුතා අයේ එන්නේ රස්සාවක් එක්කමයි" කියපු ඔහු අද සදහටම යන්න ගිහින්..

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට සියලු‍ දෙනා දැවී ලකුණු 358ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ලකුණු 30ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකාවට සියලු‍ දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 317ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වුණා.

You may like this video