අද වැයපස ඉහල යන දවසක්...ඔබේ ලග්නෙත් මේ අතරේද බලන්නකෝ

Horoscope Astrology Lagna Palapala Sinhala news
By Hashini May 23, 2025 11:38 PM GMT
Hashini

Hashini

Report

මේෂ ලග්නය

සමාජ සත්කාරක ක්‍රියා ආගමික උත්සව වැනි දේ සංවිධානයට හේතුයි. වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේවලටද හේතුයි. උත්සව සාද යෙදේ. වැය පස ඉහළ යයි. කොන්දේ අමාරු මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: රතු

වෘෂභ ලග්නය

අවිවේකී බවක් ගෙන දෙයි. ආගමික ක්‍රියාකාරකම් වැනි දේවල් සහ සමාජ සත්කාරක ක්‍රියාද යෙදේ. පොදු උත්සව සඳහා සහභාගිවීමේ අවස්ථා යෙදේ. තරමක් වැය පස ඉහළය. සෙම් රෝග මතු කරයි. ජය අංකය: 02 ශුභ වර්ණය: ක්‍රීම්

මිථුන ලග්නය

සුපුරුදු ක්‍රියාවන්ගෙන් ඉවත්ව පොදු වැඩ සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. ගමන් බිමන් සංවිධාන කෙරේ. ප්‍රීති සාද උත්සව ද යෙදෙ. වැය පස ඉහළ යන දිනකි. නේත්‍ර රෝග මුඛ රෝග මතු කරයි. ජය අංකය: 06 ශුභ වර්ණය: කොළ

කටක ලග්නය

තරමක් වෙහෙසව ක්‍රියා කරයි. ගමන් බිමන් ද බහුල වේ. ආගමික උත්සව සඳහා යොමු වෙයි. උත්සව සාද යෙදේ. ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. වැය පස ඉහළයි. සිරස ගත රෝග උෂ්ණ රෝග දේ. ජය අංකය: 04 ශුභ වර්ණය: රෝස

බිංගිරිය විද්‍යා පීඨයේ දැඩි නොසන්සුන්තාවයක්

බිංගිරිය විද්‍යා පීඨයේ දැඩි නොසන්සුන්තාවයක්

සිංහ ලග්නය

තරමක් අවිවේකී දිනකි. දානමය කටයුතු සඳහා වැය පසද ඉහළ යයි. අවිවේකය ද දෙයි. තම ඥාති මිත්‍රාදීන්ගෙන් සහයෝගය ද ලබයි. පොදු සමාජ සත්කාරක ක්‍රියා සඳහා ද යොමු වේ. වාතාධික රෝග මතුවේ. ජය අංකය: 01 ශුභ වර්ණය: ලා දම්

කන්‍යා ලග්නය

අවිවේකී බවක් මතු කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික වතාවන් පුද පූජා වැනි දේ සඳහා යොමුවෙයි. ගමන් බිමන්ද යෙදේ. වැයපස ඉහළ යන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවේ. ජය අංකය: 05 ශුභ වර්ණය: රන්වන්

තුලා ලග්නය

ගමන් බිමන් බහුල දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. පොදු වැඩසටහන්වල අනාගත උත්සවවල යෙදේ. විනෝද ජනක ක්‍රියා ද යෙදේ. වැය ඉහළ යයි. බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ. ජය අංකය: 07 ශුභ වර්ණය: සුදු

වෘශ්චික ලග්නය

තම ඥාති හිත මිත්‍රාදීන් ඒකරාශීව උපකාර ද සහිතව ආගමික උත්සව සංවිධානයට සහභාගි වීමට හේතුයි. ප්‍රීති උත්සව ද යෙදේ. තරමක් වෙහෙස වන අතර අවිවේකී බව මතු කරයි. කොන්දේ අමාරු වාත රෝග මතුවේ. ජය අංකය: 08 ශුභ වර්ණය: දුඹුරු

වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

වාහන ආනයනය ගැන මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ධනු ලග්නය

ශුභා ශුභ මිශ්‍රඵළ මතු කරයි. තරමක් ගමන් බිමන් ආදියෙහි යොමු වෙයි. වැයපස ද වැඩි වන අතර නවක මිතුදම් මතුවෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව දහමට අවතීර්ණව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමු වෙයි. ශිරෝ රෝග දෙයි. ජය අංකය: 03 ශුභ වර්ණය: කහ

මකර ලග්නය

ශුභා ශුභ මිශ්‍ර ඵල උදාවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. පොදු සේවා සමාජ සත්කාර ආදියෙහි යෙදේ. පැවැති සතුරන් දමනය වෙයි. සැහැල්ලු මනසින් ක්‍රියා කරයි. සෙම් රෝග මතු කරයි. ජය අංකය: 08 ශුභ වර්ණය: කහ

කුම්භ ලග්නය

ශුභ ඵල සහිතයි. තම අරමුණු සැලසුම් දියත් කිරීමේ අවස්ථා යෙදේ. තරමක් ජයගෙන දෙයි. තම ඥාතීන් ද ඒකරාශීව දහමට අවතීර්ණව ක්‍රියා කරයි. සමාජ සත්කාර ක්‍රියා දියත් කරයි. සැහැල්ලු මනසින් දවස ගෙවේ. හදිසි රෝග මතු කරයි. ජය අංකය: 05 ශුභ වර්ණය: නිල්

මීන ලග්නය

ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. කෙටි ගමන්වල යෙදේ. තම අරමුණු බොහෝ දුරට සාර්ථක වෙයි. ආගමික වතාවත් ගරු කරයි. අධ්‍යාත්මක ගුණවගාවන් කෙරෙහි යොමු වන දිනකි. මුත්‍රා ආසාදන මතුවේ. ජය අංකය: 09 ශුභ වර්ණය: දම්  

කාගෙත් හිතගත්, ලාල්ටත් හිතගිය 'කල්කිරි බෝතලය'

කාගෙත් හිතගත්, ලාල්ටත් හිතගිය 'කල්කිරි බෝතලය'

ReeCha