කාගෙත් හිතගත්, ලාල්ටත් හිතගිය 'කල්කිරි බෝතලය'

Latest Headlines K.D. Lalkantha Sinhala news gagana news SriLanka News - Gagana
By Shehan May 23, 2025 04:57 AM GMT
Shehan

Shehan

Report

දිවයින පුරා හයිලන්ඩ් වරලත් අලෙවි සැල් 500ක් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

කොළඹ ගොවි ජන මන්දිරයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය රජයන් ගත් තීරණයකට අනුව, මිල්කෝ ආයතනය අමූල් සමාගම සමඟ ඇතිකරගත් එකඟතාවයක් හේතුවෙන් ව්‍යාපාරික කටයුතු සඳහා අභියෝගාත්මක තත්ත්වයක් පවතින බව ඔහු පැවසීය.

ලෝක රූ රැජිණ තරඟයෙන් ඉදිරියටම යන්න අනුදිට සපෝර්ට් කරන්න ඔබටත් අවස්ථාවක් - ඒ වැඩේ කරන්නේ මෙහෙමයි

ලෝක රූ රැජිණ තරඟයෙන් ඉදිරියටම යන්න අනුදිට සපෝර්ට් කරන්න ඔබටත් අවස්ථාවක් - ඒ වැඩේ කරන්නේ මෙහෙමයි

අප සතු ගොවිපළවල් 32ක් ඇත. රාජ්‍ය බාධකවලින් තොරව ජාතියේ අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීමට අපි සූදානම් වෙමින් සිටිමු.

මෙම වසර තුළ අලෙවි සැල් 500ක් සක්‍රීය කිරීම බැරෑරුම් කාර්යයකි. දැනට අලෙවි සැල් 180ක් පමණ ඇත.

ඒ අනුව, මෙම වසර තුළ අලෙවි සැල් 500 දක්වා වැඩි කිරීම විශාල සංවර්ධනයකි. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය අංශයේ නිෂ්පාදන රැසක් ඇතුළත් කරමින් සිදුකරන අලෙවි සැල් ජාලයක් වීම විශේෂත්වයකි.

මන්ත්‍රීවරියක් පර්ලිමේන්තුවේ නිරුවත් ජායාරූවක් පෙන්වමින් යකා නටයි

මන්ත්‍රීවරියක් පර්ලිමේන්තුවේ නිරුවත් ජායාරූවක් පෙන්වමින් යකා නටයි

වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයකි. පෙර ආර්ථිකය සුළු පිරිසකගේ ග්‍රහණයේ තිබුණි.

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සැමට ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වීමට අවස්ථාව ඇත. එසේ සම්බන්ධ වන සියලු දෙනාට තම ප්‍රතිලාභවල සාධාරණ කොටස ලැබිය යුතුය. එසේ නොමැති නම්, මෙම ආයතන පවත්වාගෙන යාමට නොහැකිය.

කිරි නිෂ්පාදකයාට සාධාරණ පංගුවක් ලැබිය යුතුවා සේම, පාරිභෝගිකයාට ද එහි සාධාරණත්වය ලැබිය යුතුය.

උපාධිධාරීන් ඉල්ලන්නේ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වීමට අවස්ථාවකි. රැකියාවක් ඉල්ලීම යනු එයයි.

අද දිනය විවාහ අපේක්ෂකයන්ට සුබ දවසකි..සමාජයේ සැළකිලිත් ලැබෙන දවසක්....

අද දිනය විවාහ අපේක්ෂකයන්ට සුබ දවසකි..සමාජයේ සැළකිලිත් ලැබෙන දවසක්....

සැමට රටේ ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම අපගේ ඉලක්කයයි. ව්‍යවසායකයින් 500ක් බිහි කිරීම ඒ සඳහා හොඳ ආරම්භයකි. ආර්ථික සංහිඳියාව සඳහා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය වේ. 


ReeCha