ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

Sri Lanka Sinhala news
By Akash Mar 26, 2025 11:30 AM GMT
Akash

Akash

Report

අද කොළඹ මහාධිකරණය හමුවේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි විභාගයට ගනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත් වූ අතර, එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව නඩුව වැඩිදුර විභාගය ජූනි මස 23 දක්වා කල්තැබීමට විනිසුරුවරයා නියම කළේය.

Trending News Now

ජාතික ජන බලවේගෙන් ජනරැළි මාලාවක්

ජාතික ජන බලවේගෙන් ජනරැළි මාලාවක්

බස්රථ රියදුරෙකුට ලබා දුන් දඬුවම

බස්රථ රියදුරෙකුට ලබා දුන් දඬුවම

පොල් වගාකරුවන්ට ලැබුණු සුබ ආරංචිය මෙන්න

පොල් වගාකරුවන්ට ලැබුණු සුබ ආරංචිය මෙන්න

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙඳවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනාකර අල්ලස් පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.

ඒ අනුව අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකරනු ලැබීය.

මෙයාව මතකද ? අද මෙයා කළ දේ මෙන්න (PHOTOS)

මෙයාව මතකද ? අද මෙයා කළ දේ මෙන්න (PHOTOS)


ReeCha