බස්රථ රියදුරෙකුට ලබා දුන් දඬුවම
By Dilasha
බස් රථ රියදුරකුගේ බලපත්‍රය ජීවිත කාලය පුරාම අත්හිටුවීමට පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව වාර්තා වේ. ඒ බීමතින් පෞද්ගලික බස් රථයක් පැදවීම සම්බන්ධයෙනි.
පානදුර සිට කළුතර දක්වා පෞද්ගලික ආයතනයක සේවකයන් ප්‍රවාහනය කරමින් සිටි විත්තිකරු පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර මත්පැන් සුවඳ ඔහු වෙතින් වහනය වීම හේතුවෙන් පොලිසිය ඔහු පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ අතර, එහිදී ඔහු මත්පැන් පානය කර ඇති බව තහවුරු වී තිබේ.
රියදුරු තම මගීන්ගේ ජීවිත අවදානමට ලක්කර ඇති බවට ඉදිරිපත් වූ තර්කය මත පදනම්ව, පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුගේ බලපත්‍රය අත්හිටුවා දඩයක් නියම කළේය.