හිටපු අමාත්‍ය පා. මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක අද අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සමට

Report

හිටපු අමාත්‍ය පාර්ලි­මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම හමුවේ අද (12) පෙනී සිටී­මට නිය­මි­ත බව සඳහන්. ඒ රුපි­යල් ලක්ෂ 81ක මුද­ලක් අල්ලස් වශයෙන් ලබා­ගැ­නීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළවයි.

එම සිද්ධි­යට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට මන්ත්‍රී­ව­ර­යාට ඉකුත් 09 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම හමුවේ පෙනී සිටින ලෙස දැනු­ම්දී­මක් කර තිබුණත් ඔහු එදින අල්ලස් කොමි­සම හමුවේ පෙනී නොසිටි බැවින් ඒ වෙනු­වට අද (12) දින ඔහු අල්ලස් කොමි­සම හමුවේ පෙනී සිටින බව දැනුම්දී ඇති බව වාර්තා වේ.

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

මෙම කැඳ­වීම අල්ලස් කොමි­සම විසින් කර ඇත්තේ චාමර සම්පත් දස­නා­යක මහතා 2022 වසරේ සැප්තැ­ම්බර් 08 සිට 2024 වසරේ සැප්තැ­ම්බර් 23 දක්වා ප්‍රාථ­මික කර්මාන්ත රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාව සිටි­යදී, සමා­ගම් තුන­කට පොස්පේට් ආන­ය­නය කිරී­මට නිසි ක්‍රම­වේ­ද­ය­කින් තොරව බල­පත්‍ර ලබා­දී­මට එව­කට ඔහුගේ හිටපු පෞද්ග­ලික ලේක­ම්ව­රයා විසින් රුපි­යල් ලක්ෂ 81ක මුද­ලක් අල්ලස් ලෙස ලබා ගත්තේ­යැයි කියන සිද්ධි­යට අදාළ විම­ර්ශන කට­යුතු සඳහායි.

ඒ සම්බ­න්ධ­යෙන් ඔහුගේ පෞද්ග­ලික ලේකම් වශයෙන් කට­යුතු කළ සුම­ති­පාල ලිය­නා­රච්චි නමැති අය ද අල්ලස් කොමි­ෂන් සභාවෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. එසේම ඔහු මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටියි.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්