වසර 31කට පසු TNL සදහටම සමුගනී. - අගෝස්තු 01 සිට එන අලුත් කෙනා මෙන්න.
By Wayomi
1993 ජුලි 21 දින ලංකා රජයේ ලියාපදිංචිය ලද TNL නාලිකාව මේ වන විට වසවසර 31 ක කාලයක් ලාංකේය රූපවහිනි ඉතිහාසය හැඩ කර තිබෙනවා..
කෙසේ වෙතත් මේ නාලිකාවේ සියළු විකාශන කටයුතු අගෝස්තු 01 වන දා සිට අවසන් කරන බව එහි පාලනාධිකාරිය විසින් මේ වන විට නිවේදනය කර අවසන්.
TNL නාලිකාව මෙලෙස විකාශය අත්හිටවනු ලබන්නේ Supreme Globle Holdings සතු Supreme TV වෙත සිය දීපව්‍යාප්ත සංඛ්‍යාත ද අත්පත් කර දෙමින් වන අතර, මේ අගෝස්තු 01 වෙනිදා සිට TNL නාලිකාවේ සංඛ්‍යාත ඔස්සේ අපට බලන්නට වෙන්නේ Supreme TV නාලිකාවයි.