කසකසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

Report

 කසකසා ඇට රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන වූ දෙයක් . කසකසා ඇට ඉතා ඉක්නින්ම ජලයට සංවේදී ඇට වර්ගයක්. මෙම කස කසා ඇට බහුලව ලංකාවේ වගාකරන්නේ නැත. ඒ වගේම විශේෂයෙන් ම ඉන්දියාවේ වගා කරනු ලබන කසකසා ඇට ලංකාවට ආනයනය කරනු ලබයි.

නිරෝගී ජීවිතයකට උරුමකම් කියන්න මෙම කස කසා ඇට පානය කරන්න කියන හේතු තමයි.

කස කසා ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525ක් ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28.13ක ප්‍රමාණයක් ප්‍රෝටීන් ග්‍රෑම් 17.99 ක් වගේම සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56 ක් කෙඳි ග්‍රෑම් 19.5ක් පෝලේට් මයිකෝ ග්‍රෑම් 82ක් නියසීන් මිලිග්‍රෑම් 89, අන්තර්ගත වීම.

කසකසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද? | Did You Know These Things About Pumpkin Seeds

 ඉතිං මේ කස කසා ඇට පානය ඔයාට මේ විදිහට හදාගන්න පුළුවන් මේ පානය ස්වභාවික පානයක්. අවශ්‍ය වෙන්නේ ගෙදරදීම අපිට හොයාගන්න පුළුවන් දේවල් කිහිපයක් පමණයි

  • මීපැණි මේස හැඳි 1
  • ලෙමන් ගෙඩි 1ක්
  • කස කසා ඇට මේස හැඳි 1
  • වතුර විදුරු 1 1/2ක්

ඒ වගේම මෙම කසා කසා ඇට භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියල දැනගන හිටියද කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩි කරගන්නට පුලුවන්. ඒ වගේම ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල ඇත.

කසකසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද? | Did You Know These Things About Pumpkin Seeds

ඒ වගේම කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ප්‍රයෝජනවත්ය . එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කරනු ලබයි. තවද අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක බව පැවසේ. - කස කසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් (හෝමෝනය) පහළ බසී. එමඟින් මානසික පීඩනය දුරු කර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කරයි.

තවද නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක බව පැවසේ. එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී. එම නිසා ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකනු ලබයි . මොළයේ ක්‍රියාකාරීත්වයටද උදව් කරනු ඇත. මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වෙයි.

කසකසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද? | Did You Know These Things About Pumpkin Seeds

පැලෝපීය නාල අවහිරතා මඟහැරේ. ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතා ගුණදායක බ වාර්තා වේ. ඒ වගේම සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ. හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ඉතා ගුණදායක වන බව හෙළි වී තිබේ. තවද දද කුෂ්ඨ ඇතිවීම වළකනු ලබයි. - විටමින් බී 6 අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ.

ඔබේ ඉකිළි - කිහිලි කළු නම් මේ දේවල් කරලා බලන්න ලොකු වෙනසක් වේවි

ඔබේ ඉකිළි - කිහිලි කළු නම් මේ දේවල් කරලා බලන්න ලොකු වෙනසක් වේවි

තවද පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී. ඒ වගේම විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය මෙම කස කසා ඇට පානය භාවිතයෙන් ලැබෙයි. - තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට ද උපකාරී වේ.

ඒ වගේම ඔබට ඇස් පෙනීම ගැටළුවක් ඇත්නම් එයටත් ගුණදායකය.

නමුත් එක දිගට සෑම දිනකම කස කසා ඇට ගැනීමත් බොහෝ ප්‍රමාණයක් එක්වරම ගැනීමත් ශරීරයට අහිතකර බව සදහන් වෙයි.

ඒ වගේම ඔබ මහත කෙනෙක් නම් ඔබටත් සිහින් සිරුරකට උරුමකන් කියන්නට මෙම කසා කසා ඇට පානයෙන් හැකියාව ලැබේ  

ඒ වගේම මුහුණට හා බෙල්ලට පැක් එකක් විදිහටත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් .

ඒක හදාගන්නෙ කොහොමද කියලා බලමු

කස කසා  ඇට මේස හැඳි 1ක්

ලෙමන් යුෂ ස්වල්පයක්

බිත්තර සුදුමද 1ක්

මෙ සියල්ල එකට එකතු කර පැක් එකක් සාදා මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 30 ක් පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න.

මෙය සතියකට වතාවක් කිරීමෙන් මුහුණේ තිබෙන දුර්වර්ණ ගතිය ඉවත් වී සම පැහැපත් වේ.

ඔබේ ලස්සන සුන්දරත්වය ගැන හිතන කෙනෙක් විදිහට අනිවාර්‍යෙන් ඔබත් භාවිතා කරලා බලන්න .

ඒ වගේම මෙම කස කසා ඇට ඉන්නන්ගෙන් පීඩා විදින ඔබටත් භාවිතා කරන්න පුළුවන් .

ඒ කොහොමද කියලා බලමු.

කස කසා ඇට පවුඩර් මේස හැඳි 1   ක් 

ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි           

කෙසෙල්ලෙලි කුඩා කැබැල්ලක් ප්ලාස්ටර් එකක් කසකසා ඇට කුඩු කර පවුඩර් එකක් ආකාරයට සකස් කර ඇපල් සයිඩ විනාකිරි එයට දමා ඉන්නන් ඇති ස්ථානයේ ආලේප කරන්න.

කෙසෙල් ලෙල්ල ඊට උඩින් තබා ඉන්නන් සිටින ස්ථානයේ සමට ප්ලාස්ටර් එක අලවන්න දින 14 - 15 ක් එක දිගට මෙම සත්කාරය රාත්‍රියේදී කර උදෑසන දිනපතා Plaster එක ඉවත්කර සෝදන්න.

ඉන්නන් හැලී යන තුරු මෙය භාවිතා කරන්න.

වෛද්‍ය විද්‍යාවම උඩු යටි කුරු කරමින් අවුරුදු එකසිය පනහක් ජීවත් වීමට හැකි ඖෂධයක් සොයාගනී - ලොක්කො රැසක් පෝලිමේ

වෛද්‍ය විද්‍යාවම උඩු යටි කුරු කරමින් අවුරුදු එකසිය පනහක් ජීවත් වීමට හැකි ඖෂධයක් සොයාගනී - ලොක්කො රැසක් පෝලිමේ