පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කලු ගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හංවැල්ල ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී පාලමක ආරක්ෂිත ඇදි වැටක් කඩා ගෙන කැළණි ගගේ අතු ඇළකට පෙරලී අද (06) අනතුරක් සිදුව ඇත .
මෙම අනතුර නිසාවෙන් කොළඹ අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගය හංගල්ල ඇඹුල්ගම මංසන්ධියේදී දෙපසකින් පැයකට වැඩි කාලයක් වසා දැමීමට සිදුවූ බවත් මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වූ බවත් හංවැල්ල පොලිසිය පැවසීය .
අනතුරින් ටිපර් රථයේ ගමන් කළ රියදුරාට කිසිදු හානියක් සිදුව නැත.
"සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" උදෙසා සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත අද ජනතාවට..
අදාළ අනතුරට සිදුවූ ලොරි රථය තව මීටරයක් ඉදිරියට වැටුණේ නම් කලුටුවාව සිට කොළඹ බලා ජලය රැගෙන යන නළ ජලයටද හානි සිදුවන බවත් පොලිසිය පවසා සිටියේය.


