සනත්ගේ වසර 18ක වාර්තාව ඉවරයි - හර්දික්ගේ උපදෙසින් පස්සේ තිලක් වර්මා පිටිය ගිනිබත් කරයි

Report

මුම්බායි ඉන්දියන්ස් නියෝජනය කරන තිලක් වර්මා, ගුජරාත් ටයිටන්ස් සමඟ පැවති තරඟයේදී විශිෂ්ට පිතිහරඹයක් ඉදිරිපත් කරමින් පන්දු 45කින් වේගවත් ශතකයක් වාර්තා කිරීමට ඊයේ (20) සමත් විය.

මෙම ඉනිම හේතුවෙන් ඔහු වසර 18ක් පුරා නොබිඳී තිබූ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරියගේ IPL වාර්තාව සම කිරීමටද සමත් විය. ජයසූරිය 2008දී චෙන්නායි සුපර් කිංග්ස්ට එරෙහිව පන්දු 45කින් ශතකයක් වාර්තා කර තිබුණි.

ආරම්භයේදී තිලක් වර්මා මන්දගාමී පිතිහරඹයක නිරතව සිටි අතර, පන්දු 22කදී ලකුණු 19ක් පමණක් ලබා සිටීමෙන් ප්‍රේක්ෂක අප්‍රසාදයටද ලක්විය. එහෙත් නායක හර්දික් පාණ්ඩ්‍යාගේ උපායමාර්ගික උපදෙස් වලින් පසුව ඔහු තරඟය සම්පූර්ණයෙන්ම වෙනස් කළේය.

2026 බොස්ටන් මැරතන් ධාවන තරගයේ රන් පදක්කම ගාමිණී සුගතදාසට

2026 බොස්ටන් මැරතන් ධාවන තරගයේ රන් පදක්කම ගාමිණී සුගතදාසට

ඉන්පසුව ඔහු ඉතිරි ලකුණු 81ක් පන්දු 23කින් පමණක් රැස් කරමින් අති ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් ඇතුළත් විය.

ඔහු නොදැවී ලකුණු 101ක් රැස් කළ අතර, එම ප්‍රහාරාත්මක ඉනිම හේතුවෙන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 199ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 100ක් පමණක් වූ අතර, අවසානයේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ලකුණු 99ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.

අප්‍රේල් 1 විදුලි බිලට අමතරව තවත් බිලක්? - සමස්ත ගාස්තු ඉහළ යාම 25% පනින ලකුණු

අප්‍රේල් 1 විදුලි බිලට අමතරව තවත් බිලක්? - සමස්ත ගාස්තු ඉහළ යාම 25% පනින ලකුණු

මේ මුහුදු සීමාව හරහා යන බහුදින ධීවර යාත්‍රා සඳහා නව නීතියක්

මේ මුහුදු සීමාව හරහා යන බහුදින ධීවර යාත්‍රා සඳහා නව නීතියක්