සාමාන්‍ය පෙළ විභාගයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ දැනුම්දීමක්

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Latest Headlines Sinhala news
By Shehan May 15, 2025 07:35 AM GMT
Shehan

Shehan

Report

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මැයි 21 සිට මැයි 31 දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දිවයින පුරා පරීක්ෂණ මධ්‍යස්ථාන 1,228කදී අපේක්ෂකයන් 171,100ක් සඳහා මෙම පරීක්ෂණ පැවැත්වෙනු ඇත. විශේෂයෙන්, 41 - සංගීතය (අපරදිග) විෂයයේ ශ්‍රවණ පරීක්ෂණය මැයි 25 දින එම විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානවලදී සිදු කෙරේ.

40 - සංගීතය (පෙරදිග), 42 - සංගීතය (කර්ණාටක), 45 - නැටුම් (හරත), 51 - නාට්‍ය හා රංග කලාව (දෙමළ), 41 - සංගීතය (අපරදිග), 44 - නැටුම් (දේශීය), 50 - නාට්‍ය හා රංග කලාව (සිංහල), 52 - නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) යන විෂයන්හි අවසාන ප්‍රතිඵල තීරණය සඳහා ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණවල ලකුණු යොදා ගන්නා බැවින්, මෙම කොටස් දෙකටම සහභාගි වීම අනිවාර්යය වේ. එසේ නොකළ අපේක්ෂකයන්ට එම විෂයන්හි ප්‍රතිඵල හිමි නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

‘අපි පවා එකම කුඹුරට’ : මහින්ද - රනිල් හමුවීම

‘අපි පවා එකම කුඹුරට’ : මහින්ද - රනිල් හමුවීම

පාසල් අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් ඔවුන්ගේ විදුහල්පතිවරුන් වෙත යවා ඇති අතර, පෞද්ගලික අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ අයදුම්පත්වල සඳහන් ලිපිනයන්ට තැපැල් මගින් යවා ඇත. ලැබුණු ප්‍රවේශ පත්‍රවල විෂය, මාධ්‍ය හෝ වෙනත් සංශෝධන අවශ්‍ය නම්, ඒවා වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර සංශෝධනය කරවා ගත යුතු බව අමාත්‍යාංශය පවසයි.

ප්‍රවේශ පත්‍ර නොලැබුණු විදුහල්පතිවරුන් තම පාසල් අංකය, නම, ලිපිනය ඇතුළු තොරතුරුත්, පෞද්ගලික අපේක්ෂකයන් තම නම, ලිපිනය, විභාග අංකය, සෞන්දර්ය විෂය ආදී තොරතුරුත්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත දුරකථන හරහා දැනුම් දිය යුතුය. එසේම, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හරහා මැයි 19 සිට ප්‍රවේශ පත්‍ර බාගත කළ හැකි බවත්, විදුහල්පතිවරුන් සහ පෞද්ගලික අපේක්ෂකයන් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

බස් රියදුරන් නිරීක්ෂණයට AI තාක්ෂණය

බස් රියදුරන් නිරීක්ෂණයට AI තාක්ෂණය

ReeCha