අද පස්වරු 1න් පසු මේ පැතිවලට ප්‍රබල අකුණු - දැන්ම දැනුවත් වෙන්න
By Ashfa
මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරුමැද පළාත් සහ වව්නියා, මුලතිව් දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ප්‍රදේශවලට අද පස්වරු 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.