ඩීජේ එකේ පෙම්වතා සමඟ නට නට හිටපු තරුණියට අතවර කරපු ගයිඩ්ලා තුන් කට්ටුව අත්අඩංගුවට
ඩි ජේ සංගීතයකදී පෙම්වතා හා නර්තනයේ යෙදෙමින් විනෝද වෙමින් සිටි ස්පාඤ්ඤ ජාතික රූමත් තරුණියකට ලිංගික අතවර කර පහරදුන් සංචාරක මඟ පෙන්වන්නන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි.
අඳාළ 31 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික තරුණිය පහුගිය 30 වන දින තම පෙම්වතා හා ශ්‍රී ලංකා සංචාරයකට කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයට පැමිණ එහි හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා.
ඒ අනුව පොලිසිය පැවසුවේ කල්පිටිය කුඩාව ප්‍රදේශයේ හෝටලයක පැවති ඩි ජේ සාදයකට රාත්‍රී 10.30 ට පමණ ඔවුන් සහභාගි වී ඇති බවයි.
එමෙන්ම අඳාළ සාදයට විදේශිකයන් සහ මෙරට තරුණ පිරිසක්ද සහභාගි වී ඇති අතර සෑම දෙනාම ඩි ජේ සංගීතයට විනෝද වෙමින් නර්තනයේ යෙදී ඇති බවට තරුණිය තම පැමිණිල්ලේ දක්වා ඇත.
අනතුරුව එහි සිටි තරුණයන් පිරිසක් නර්තනයේ යෙදෙමින් සිටි තමා අසලට පැමිණ සිරුර ස්පර්ශ කරන විට තමන් ඊට විරෝධය පෑ බවත් එහිදී තරුණයින් පිරිස තමාට පහර දුන් බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම පහර දීමෙන් තමාගේ වම් ඇසට ඉහළින් තුවාල සිදුවූ බවත් පුත්තලම පෞද්ගලික රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගත් බවත් පැමිණිලිකාරිය තම පැමිණිල්ලේ දක්වා තිබෙනවා.
මේ අතර උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේ තමන්ට පහර දුන් බව කියන තරුණයින් තිදෙනාගේ නම් ද සඳහන් කරමින් මෙම තරුණිය ලිඛිතව පැමිණිල්ලක් ඉකුත් 31 වැනිදා කල්පිටිය පොලිසියට කර තිබූ බවයි.
එම තොරතුරු අනුව විමර්ශන පවත්වා කල්පිටිය කන්ද කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23,34,39 අතර වයස්වල පසුවන අඳාළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් කල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමටට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වන බව වැඩිදුරටත් සඳහන්.