එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනෙක් නිදොස් කොට නිදහස් කෙරේ.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනෙකු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවා.
ඒ, 2006 වසරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවක ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස්වරයා ගමන් ගත් රථපෙළ ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තිදෙනෙක්.
යෝගරාජා නිරෝජන් හෙවත් ස්ටාර්, සුබ්‍රමනියම් සුරේන්ද්‍ර රාජා නොහොත් කරන්, කනගරත්නම් ආදිත්‍යන් නොහොත් ගිරි යන එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 25ක් යටතේ නඩු පවරා තිබුණා.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ.
මෙම විත්තිකරුවන් තුන්දෙනා වසර 15කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් විත්තියේ නීතිඥවරු වැඩිදුරටත් කියා සිටියේ.
