හෙට ඉඳලා දවස් 03ක් නිවාඩු ප්‍රකාශයට පත් කරලා.. ඒ මෙහෙමයි..
By krishani
මේ වන විට පැවති විරෝධතා අතරතුර ඇති වූ ගැටුම් වලින් බංග්ලාදේශයේ මියගිය ගණන 43 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ එරට අගමැතිනි ෂෙයික් හසීනාට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස බල කරමින් කරන විරෝධතා සහ උද්ඝෝෂණන් ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින් සඳහන් වේ,
මෙවන් පසුබිමක බංග්ලාදේශයේ ආණ්ඩු විරෝධී විරෝධතා උත්සන්න වීමෙන්, හෙට (05) සිට දින තුනක නිවාඩුවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
මෙම නිවාඩුවට අමතරව, ඩකා අගනගරය ඇතුළුව සියලුම දෙපාර්තමේන්තු මූලස්ථාන, නගර සංස්ථා, මහ නගර සභා, කර්මාන්ත ප්‍රදේශ, දිස්ත්‍රික් මූලස්ථාන සහ උපසිලියානු මූලස්ථාන හරහා ඇඳිරි නීතිය පනවා ඇත.
ඒ ප්‍රචන්ඩකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ය.
ඒ අනුව අද සවස 6 සිට නැවත දැනුම්දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පැනවීමට ද බලධාරීන් කටයුතු කළේ ය.