නැවත දැනුම්දෙනකම් රටපුරා ඇඳිරි නීතිය පනවලා.. එකවරම ගත් තීරණය ගැන තොරතුරු මෙතනින්..
By krishani
අද (04) දින පුද්ගලයින් 27 දෙනෙක් බංග්ලාදේශයේ මියගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ ය.
ඒ බංග්ලාදේශය තුළ පැතිරයන කලහකාරී සිදුවීම් හේතුවෙන් ය.
එරට අගමැතිනි ෂෙයික් හසීනා ට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් එරට විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත් වෙයි.
එහිදී ඇති වූ ගැටුම්වල දී එම මරණ වාර්තා විය.
විරෝධතාකරුවන් පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ස්ටන් අත්බෝම්බ භාවිත කර තිබෙනවා.
කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා සවස 6 සිට නැවත දැනුම්දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.