ජනපති වී සටනට බහී. - වී මිලදී ගැනීමට ත්‍රිවිධ හමුදාව.

Sri Lanka Army Anura Kumara Dissanayaka Sri Lanka Navy Sri Lanka Air Force
By Wayomi Jan 17, 2025 03:53 AM GMT
Wayomi

Wayomi

Report

එළැඹෙන මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීම සඳහා ද ත්‍රිවිධ හමුදා සහාය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇත.

ඒ, අනුව මේ සම්බන්ධ සම්බන්ධීකරණ සාකච්ඡාවක් වාරිමාර්ග හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 16) කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී පැවැත්විය.

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?

මෙම සාකච්ඡාවේදී ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය හා තාක්‍ෂණික දැනුම, යන්ත්‍ර සුත්‍ර යොදා ගැනීම සඳහා ද අවධානය යොමුව ඇත.

ඒ අනුව අස්වනු නෙලන කාලය වනවිට ගබඩාවන් හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමාකිරීමට කටයුතු යොදා ඇති අතර විශේෂයෙන් මහ කන්නයේ අස්වනු මිලදී ගැනීම සඳහා සුදානම් කිරීමටත්, වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රයන් සඳහා ආරක්‍ෂාව සැපයීමටත්, ආරක්‍ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකර තිබෙනවා.

දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209ක් පවතින අතර, සතොස සතුව ගබඩා 12ක ප්‍රමාණයක් පවතී. 

දින පහේ වැඩ සතිය තවත් දීර්ඝ කරයි. - ඊයේ සිදු වූ විශේෂ සිදුවීම මෙන්න.

දින පහේ වැඩ සතිය තවත් දීර්ඝ කරයි. - ඊයේ සිදු වූ විශේෂ සිදුවීම මෙන්න.


You May Like This Video



Gallery
ReeCha