ගෙවුණු මාසයේත් ඩෙංගු රෝගීන් දහස් ගණනක් වර්තාවෙයි - රෝගීන් සහ අධි අවදානම් කලාප මෙන්න

By Malith Madushan Sep 01, 2026 05:05 AM GMT
Report

මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 95,493 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 72ක් වාර්තා වී ඇති අතර, මරණ අනුපාතිකය 0.076%ක් ලෙස සටහන් වී තිබේ.

ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,964කි. ජූනි මාසයේදී ඩෙංගු රෝගීන් 21,533ක් වාර්තා වී ඇති අතර, අගෝස්තු මාසයේදී රෝගීන් 10,157ක් වාර්තා වී තිබේ.

දිවයිනේ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් අතරින් 50,506 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත. දකුණු පළාතෙන් රෝගීන් 13,886ක්ද, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,710ක්ද වාර්තා වී තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය සමස්ත රෝගීන්ගෙන් 21.31%කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 18,914ක් වාර්තා වී ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,977ක් වාර්තා වී තිබේ.

මේ අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 50ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

රටේ සැඟවුණු ඛනිජ සම්පත් සොයන්න රජය සැරසෙයි - අපනයන ආදායම ඉහළ නංවා ඩොලර් ගෙන්වීමට නව සැලසුමක්

රටේ සැඟවුණු ඛනිජ සම්පත් සොයන්න රජය සැරසෙයි - අපනයන ආදායම ඉහළ නංවා ඩොලර් ගෙන්වීමට නව සැලසුමක්

මුළු ලංකාවම බලා සිටින 22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹේ

මුළු ලංකාවම බලා සිටින 22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹේ