මරු තීන්දුව, ගස්වලට වැඩිපුර වතුර යනවා කියලා රක්‍ෂිතයේ ගස් දාහක් කපන්න සැරසෙයි

Report

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව කුරුණෑගල නගරාසන්නයේ පිහිටි සුන්දරාපොළ රක්ෂිත වනාන්තරයේ විශාල ප්‍රමාණයේ ගස් 1000ක් කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව තොරතුරු වාර්තා වී ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායක සුමේධ අරුණශාන්ත (සජබ) මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ සංචාරයකින් පසුව කරුණු හෙළිව ඇති බව සඳහන්.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

මෙහිදී අරුණශාන්ත මහතා කියා ඇත්තේ මෙය රජයේ වුවමනාවකට අනුව සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එසේම රාජ්‍ය දැව සංස්ථාවේ ඉල්ලීමකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත මෙම වන විනාශය සිදුවන බවත් ඔහු පවසයි.

තවද මින් පෙර කිසිදු රජයක් මෙම වනාන්තරයට හානි කර නොමැති බව අවධාරණය කළ ඔහු මෙම ක්‍රියාවෙන් ලාභයක් අපේක්ෂා කළත් ඉන් සිදුවන පාරිසරික හානිය වචනවලින් විස්තර කළ නොහැකි බවත් ප්‍රකාශ කළා.

O/L විභාගය සඳහා නව විෂය පද්ධතිය - විෂයයන් 7ක් පමණක්

O/L විභාගය සඳහා නව විෂය පද්ධතිය - විෂයයන් 7ක් පමණක්

මේ නිසා ඉදිරියේදී කුරුණෑගල නගරයට දැඩි පාරිසරික බලපෑමක් ඇති විය හැකි බවත් ඔහු මෙහිදී පෙන්වා දී ඇත.

මේ අතර දැව සංස්ථාවේ නිලධාරීන් තේක්ක, මහෝගනී, කොස් වැනි ගස් දාහක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉවත් කරන බව මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී ඇති බව පවසයි.

ඒ අනුව ඔවුන්ගේ පැහැදිලි කිරීමට අනුව, තේක්ක ගස්වලට විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වන හෙයින් මෙම ගස් කැපීමට තීරණය කර ඇත.

Ali express, temu, ebay, amazon බඩු දැම්මද? එහෙනම් මෙන්න අලුත් ආරංචියක්

Ali express, temu, ebay, amazon බඩු දැම්මද? එහෙනම් මෙන්න අලුත් ආරංචියක්

එමෙන්ම මෙම ගස්වල කාලය ඉකුත්ව ඇති බවද ඔවුන් පවසා ඇති බව සඳහන්.

එහිදී අරුණශාන්ත මහතා කුරුණෑගල නගරයට ආදරය කරන සියලු දෙනා “ක්ලීන් ශ්‍රී ලංකා” මුවාවෙන් කරන මෙම මහා වන විනාශයට විරුද්ධව එක්විය යුතු බව පවසා ඇත.

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි