O/L විභාගය සඳහා නව විෂය පද්ධතිය - විෂයයන් 7ක් පමණක්

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා තක්සේරු කිරීමට යොදා ගන්නේ විෂයයන් 7ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මත විමසුම උපුටා දක්වමින්  මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම විෂයයන් අතුරින් ගණිතය, ඉංග්‍රීසි, මව් භාෂාව, ආගම සහ විද්‍යාව යන විෂයයන් 5ක් අනිවාර්ය වේ. ඊට අමතරව, සිසුන්ට තමන් කැමති තවත් විෂයයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ඒ අනුව, සිසුන්ට තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය, ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව, සෞඛ්‍ය සහ භෞතික අධ්‍යයනය යන කාණ්ඩ යටතේ ඇති විවිධ විෂයයන්ගෙන් විෂයයන් දෙකක් තෝරා ගත හැකි බව අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රතිසංස්කරණය මඟින් සිසුන්ට වඩාත් නම්‍යශීලී ලෙස තම රුචිකත්වයන්ට ගැළපෙන විෂයයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිවන අතර, අධ්‍යාපන ක්‍රමය තවදුරටත් යාවත්කාලීන කිරීමේ අරමුණ ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Ali express, temu, ebay, amazon බඩු දැම්මද? එහෙනම් මෙන්න අලුත් ආරංචියක්

Ali express, temu, ebay, amazon බඩු දැම්මද? එහෙනම් මෙන්න අලුත් ආරංචියක්

මිනීමරලා රට පැන්න රට පටලපු ගේම් කාරයෝ හොයන්න CIDය රට යයි

මිනීමරලා රට පැන්න රට පටලපු ගේම් කාරයෝ හොයන්න CIDය රට යයි