මේ ආණ්ඩුවට වැඩ කරන්න තේරෙන්නෑ - කබීර්

National Peoples Party Kabir Hashim Sinhala news
By Mithu May 19, 2025 02:11 PM GMT
Mithu

Mithu

Report

වත්මන් ආණ්ඩුවට වැඩක් කිරීමට නොතේරෙන බවත් මාස හතක් ගතවී ඇතත් කිසිඳු ප්‍රතිඵලයක් නැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා. ඒ අනුව, ඔවුන්ට පළාත් පාලන ආයතනවල බලය ලබාදීමට කටයුතු කළහොත් රට තවත් විනාශ වනු ඇති බවත්, විපක්ෂයට ආණ්ඩුවට වඩා හොදට වැඩ කිරීමට හැකි නිසා අනෙකුත් කණ්ඩායම් එක් කර ගනිමින් සභා පිහිටුවීමට කටයුතු කරන බවයි අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡාවලට කිසිඳු නායකත්වය ගැටළුවක් නොමැති බවද, විවිධ වු ආසනවල දේශපාලන පක්ෂ හා කඳවුරු වෙන වෙනම මැතිවරණයට ඉදිරිපත් වු බවද, ඔවුන්ට ලැබී ඇති මන්ත්‍රී ධුර ගැන ඔවුන් සමඟ සාකච්ඡා කර සභා පිහිටුවීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ලංවීමට උණ ගැනිලා... පාඩුව බිලියන 18.47 ක්

ලංවීමට උණ ගැනිලා... පාඩුව බිලියන 18.47 ක්

ReeCha