එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි...
By Parami Dissanayake
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද පැවැත්වේ.
කඩුලු 5කට ලකුණු 211ක් තිබිය දී සිය පළමු ඉනිම ඇරඹූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 263කට සීමාවිය.
නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 93ක් තුළ බිඳ වැටෙද්දී 5වැනි කඩුල්ලට ලකුණු 127ක සබඳතාවක් ගොඩ නගන්නට සමත් විය.
අද දිනයේ දී ධනංජය ද සිල්වා පළමු කඩුල්ල ලෙස ලකුණු 69කට දැවී යාමත් සමඟ එම සබඳතාව බිඳ වැටුණේ ය.
ඒ අතර, ලකුණු 64ක් පමණක් කමිඳු මෙන්ඩිස්ට ලබා ගත්තේ ය.
කෙසේ වෙතත්, එංගලන්තය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 325ක් ලබා ගත්තේය.